අපි දකින සමහරක් අපි නිර්වචනය කරනවා.......තවත්වෙලාවකට කාලයක් දැකලා යමක් නිර්වචනය කරනවා......මෙය කොහොම නිර්වචනය කරන්නද..................
ස්නයිපර්
ඉලක්කය මුසු වූ තියුණු ඇස
Wednesday, August 31, 2016
Monday, August 1, 2016
1976 නොවැම්බර් 12වනදා ශිෂ්‍ය ව්‍යාපරයට තවත් එක් සටහනක් එකතු විය.ඒ රෝහණ විරසුරිය ශිෂ්‍යයාගේ ඝාතනයත් සමගය..එතැන්පටන්1988 මැයි 8 නිමල් බාලසුරිය ත්,1988 ඔක් 22 පද්මසිරි තිමාවිතානත්,1989 ජුලි 18 ආනන්ද ඉඩමේගමද,1989 සැප් 21 වෙනුර එදිරිසිංහත්,1989 නොවැ 3 සරත් කොල්ලුරේද 1989 දෙසැ 10ගැමුණු යසස් ද,1989 රන්ජිතම් ගුණරත්නම්, 1990 දී මොහොමඩ් නිෂ්මි ද,1990 ජනවාරි 17 ශාන්ත බණ්ඩාරත්,1990 මාර්තු 6 උපාලි ජයවීරත් ශිෂ්‍ය ව්‍යාපාරයට අහිමි කළේ කවුද යන වග ඒ ඒ කාලවකවානු වල පාලකයන් හොදාකාරවම දනී.......ඒ අතීතය මර්දනයේ මුලාරම්භ කාලයයි......මෑතකදී මතකයට නැගෙන සිදුවීම යළි යළිත් මතක් කර දීමට උත්සහා ගන්නේ තවමත් ඊට වගකිවයුත්තන් නිදැල්ලේ හැසිරෙන නිසාවෙනි......2012 සැප්තැම්බර් මාසය අහිංසක ජීවිත දෙකක් එකවරම බ්ලිගත්තේ කිසිදු සාක්ෂියක් සටහන් නොකර යැයි උදම් අනමින් වන්නට ඇත...එහෙත් ඝාතනය සිදුකළ ස්ථානයේ ඉස්සරහට පසුපසට ඇදී ගිය ටයර් සලකුණු සාක්ෂි වල මුලාරම්භය විය.....අදත් පොලිස් පොතේ ලියැවුණු කතාවකට යළි පණ දීමට නම් එය මතක් කළ යුතුමය....ඒ ජානක සහ සිසිතයි....නැතිනම් අපේ භාෂාවෙන් මාතලං සහ ටොක්කායි....එදා පාන්දර යාමයේ ඔවුන් පැද වූ බයිසිකලය අට කරවමින් මුහුණු නිරැවත් කරවමින් ලේ හලා සදහටම නිහඩ කරවුයේ ඔවුන් දෙපළවය.....ඒ ශිෂ්‍ය අයිතීන් වලට මෙන්ම ආචාර්යවරැන්ගේ අයිතීන් වලටද හඩ නැගීමේ ඵලයක් ලෙසටය......දුෂ්කර ජීවිතයකට ආයුබොවන් කියන්නට සරසවිය තෝරා ගත් මාතලං අවසානයේ සරසවියේ දුක්විදින ශිෂ්‍යයන්ගේ වේදනාව තමන් සතු කරගත්තේය...පළමු වසරේම පාලකයන්ගේ නොමනා කියාවන් හදුනාගත් සිසිතද ඊට සහය දැක්වූයේ දැඩි ලෙංගතුකමිනි.....එකී සහොදරයන් මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කිරීම යුක්තිසහගත ද නැත්ද යන්න නීතිය හමුවට ගෙන ආ විට තවමත් නීතියට එය හරිහැටි තෝරාබේරා ගැනීමට නොහැකි වී ඇත....ඒ අපේ නිතියේ ස්වාභාවයයි.පාලක පාට් වලින් නීතියද හෙම්බත් වී ඇත...ලයිට් කණුවක බයිසිලයක් වැදීමෙන් දෙදෙනාගේම මුහුණු කුඩුපට්ටම් වී යන්නේ නැත..එහෙත් එය සිදුවිය..සිදුවුවාට වඩා උවමනාවෙන් සිදුකලාය..ශිෂ්‍යයා පාරට බැස්ස විට ඔහුට වරෙන්තුය..මාර්ග දෙපස අවහිර වීම මත චෝදනා එල්ල විය..මැයි පෙලපාලි,පාද යාතා වලට එසේ වන්නේ නැත..මොකද ඔවුන් ගමන් කරන්නේ අහසේය....දෙපා රිදෙනතුරැ ඇවිද ඉල්ලීම් ඉල්ලා කෑ ගැසූ අයෙක්ගෙන් දෙපා රත් වීමේ වේදනාව කොතරම්දැයි අසා දැනගත හැකිය..එහෙත් ලෝකෙට පේන්න පයින් ඇවිද බාගයක් වාහන වල ඉදගෙන ආ අයෙක්ට එය එතරම් පැහැදිලිව විස්තර කළ නොහැක....තම දරැවකු හිරේ ලගින විට දෙමාපියන්ට පපුව කකියයි..එසේ නම් කුරිරැ ලෙස මරා දැමුවිට එය කෙසේ වේවිද?දෙමාපියන් අප්පච්චිලා දරැවන් මරා දමන්නේ නැත...එසේ නම් ඒ අහිංසකයන් මැරැවේ කවුරැන්ද?වේලක්කාරයන් ලවා ඔවුන් මරා දැමුවේය....එහෙත් වේලක්කාරයන්ට කොන්තාත් ලබාදුන්නෝ තවමත් හීනියට හිනාවෙමින් අතවනාගෙන යයි...තමන්ගේ දරවන්ට නීතිය ඉදිරියේවත් සාධාරණයක් බලාපොරොත්තුවන ඒ අහිංසක දෙමාපියන් කාව විශ්වාස කරන්නද.....මරාදැමු ජීවිත වලට සාධාරණයක් ඉෂ්ට කිරීමට ඔවුන් වලෙන් ගොඩට ආ යුතුය...එසේ වුවහොත් මලසිරැරද අතුරැදහන් විය හැකිය...ඒ අපේ නීතියේ රැකවරණයේ හැටිය..........යලිත් මතක්කරදෙමි....තවමත් සාධරණයක් ඉෂ්ට නොවු ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරදෙන ලෙස...ඒ කාගෙවත් පදයට නටන වේලක්කාරයන් නොවී හෝ මුදල් තනතුරැ වලට කෑදර වී හෝ නොවේ.....අහිංසක දෙමව්පියන්ගේ එකම පැතුම තම වීරයන්ට සාධාරණයක් පමණි..............
සැ.යු..මෙය අන්තරයට හෝ පවතින කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලකයෙකුට හෝ මුදල් ගෙවා හෝ කඩේ යාමක් නොවේ............
සදගිරි........................
Saturday, July 30, 2016
අවුරැදු පහක් උඹෙයි මගෙයි ආදර කතාව දිග්ගැස්සුනා..ඒත් ඒ කතාව උඹ හරියටම නැවැත්තුවා,ඒ මීට අවුරැදු තුනකට කලින්...මතක්කරපන් ඒ අපේ ආදර කතාව..මම එතකොට ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ..උඹ මගේ පුංචි කාලේ ඉදන්ම යාලුවා,උඹට වඩා උඹේ මල්ලි මට ගොඩක් එකතුයි.කරදඩු උස්මහත් වෙලා උඹ ලොකු කොල්ලෙක් වෙලා උඹේ ආදරේ මට දෙන්න හදනකොට ගෙදරින් අහපන් කියලා මම උඹට කිව්වා මතකද?උඹ බය නැතුව පපුව ඉස්සරහට දාලා ගෙදරින් ඇවිත් ඇහුවා.මට ආඩම්බරයි උඹ ගැන..එදා ගෙවල් දෙකෙන්ම අපිට කැමති උනා..උඹයි මමයි හැංගිලා ආදරේ කළේ නෑ.ලෝකෙම අපේ ආදරේ දැනගෙන හිටියා..ඉස්සර ඉස්කෝලේ ඇරිලා උඹ මාව එක්කන් යන්න ෆුට් සයිකලේ එනවා මට මතකයි.උඹ මං ගැන ගොඩක් හෙව්වා,ගොඩක් ආදරේ කලා..දවසක් උඹ වැඩට යන්න ගෙදරින් ඇවිත් මට හතිය හැදිලා හොදටම අමාරැයි කියලා දැනගෙන උදේ ඉදන් හවස් වෙනකන් මගෙ ඇද ළගට වෙලා මං දිහා බලාගෙනම හිටියා මට මතකයි..කාලෙකට පස්සේ උඹ හමුදාවට ගියා..එදා මතකද උඹට මං අඩපු තරම්..උඹෙන් කෝල් එකක් එනකන් නොකා නොබී මම හිටියා..එතකොටයි තේරැනේ මං උඹට ආදරේ කරලා තියෙන තරම්..උඹගෙ පාස් අවුට් දවසෙ මට මාර සතුටුයි..මොකද උඹව ගෙදර අරන් යන්න පුලුවන් නිසා..ඔහොම මාසයක් ගානේ උඹ යනවා එනවා...හරි ලස්සනට අපේ ජිවිතේ ගෙවෙනකොට මං ටෙ වෙලාවකට දඩබ්බර චරිතයක් උනා..ඒත් උඹට ඇති ආදරේ අඩුවක් කලේ නෑ..උඹට ආමි එකේ ඉන්නකොට මාව පෙනුනේ නෑ..උඹට සැකයක් ඇතිවෙන්න ඇති..මං දන්නවා එහෙම වෙනවා..උඹ මට නීති දැම්මා අපි රණ්ඩු උනා..හැබැයි දවසක් යන්න කලින් අපි යාලු උනා..මං එකට එක කියද්දි උඹ මට නහයෙන් කටින් ලේ එන්න ගහලා තියනවා..අතපය ඉදිමෙන්න ගහලා තියනවා..ඒත් මං උඹට ආදරේ කලා...දාලා යන්න තරම් මට හිතිලා තියෙනවා..ඒත් උඹ නැතුව මං ඉන්නෙ කොහොමද?උඹේ ගෙදර මං එනකොට අපේ ගෙදරින් මට බැන්නා...බදින්න කලින් යන්නෙපා කියලා..උඹ බැන්නා මට අනාගතේ යන්න ඉන්න ගෙදරට යන්නෙ නෑ කියලා.දෙපැත්තෙන්ම බැනුම් අහගෙන මං උඹලගෙ ගෙදර ගියා.ම්දුලේ මල් හිටෙව්වා,අපේ අලුත් ගෙදර අතුගෑවා,උඹලගෙ තාත්තා නැතිවෙලා දනේ තිබුණ දවසෙ උයපු හැම වළදක්ම මම තනියම හේදුවා මතකයි..උඹේ අම්මාගෙ ඇහේ කාච දාන්න ඉස්පිරිතාල ගානේ ලග නැවතිලා හිටියා මතකි..උඹේ අම්මා අරක ගෙනේ මේක ගෙනෙන් කියද්දි කොහේ හිටියත් ඇවිත් හැමදේම කරලා දීපු වාර මට අමතක නෑ...උඹ නැති දවස්වල අම්මා අසනීපෙන් ගෙදර තනියම ඉන්නකොට රෑ තිස්සෙ තනි රැක්කා මතකයි මට..බැදලා නැතත් උඹට තියෙන ආදරේට මං එහෙම කලේ..විභාගෙ ලියලා කැම්පස් ආවාම උඹලගෙ අම්මා මට යන්නෙපා කියද්දි,උඹට ඕන ජොබ් නොකර ගෙදරට වෙලා ඉන්න කෙල්ලෙක් කියලා කියද්දී,ඉක්මනට බදින්න ඕන කියද්දි මට ඒවට එකගවෙන්න බැරි උනේ මට උගන්නපු අයියට මං කැම්පස් යනවා දකින්න ඕන උන නිසා..මං හිතුවේ උඹ ඉවසයි කියලා මට 24 වෙනකන්...ඒත් උඹයි උඹේ අම්මයි ඉවසුවේ නෑ...උඹලට මගෙ ඉගෙනීම ඇල්ලුවේ නෑ,මගෙ දගකාරකම් ඇල්ලුවේ නෑ,අන්තිමට උඹ මගෙන් වෙන් වෙන්න තීරණයක් ගත්තා..ඒත් ඒ උඹේ අම්මට පිටුපාන්න බැරි නිසා කියලා මං දන්නවා..උඹේ අම්මට ඕන උනේ ලේලියක් අම්මගෙ පදයට නටන...උඹේ අම්මා ගුරැවරියක් වෙලත් මම ඉගෙනගන්නවට කැමත් උනේ නෑ.කොටින්ම උඹෙ අම්මට ඕන උනේ කුස්සි අම්මා කෙනෙක්..උඹ මාව දාලා ගිය දවසේ ඉදන් මං විදපු වේදනාව මං විතරයි දන්නේ..උඹට කොල් කලා,ලියුම් ලිව්වා,ඒත් අද වෙනකම් උඹට ඒ කිසිම ලියුමක් ලැබිලා නැතුව ඇති..උඹේ අම්මට මං වෛර කරන්නෑ,මොකද අම්මා කෙනෙක් නිසා..ඒත් උඹේ අම්මත් ගෑනියක්,තවත් ගෑනියෙක්ගෙ දුක නොතේරැන ගෑනියක්...උඹ මගෙන් අයින් උනාම උඹලා ඔක්කොම එකතුවෙලා මට විවිධ දේ කිව්වා...මං අහගෙන හිටියා විතරයි..මට අපහාස කලා..මං විදගෙන හිටියා විතරයි...මං උඹලට මොකුත්ම කිව්වෙ නෑ.අවුරුදු පහක් ආ ගිය ගෙදර දොරවල් වැහුවා මට මතකයි..අපි හදාගත්ත හීන එකපාරටම බොදකරපු හැටි මට මතකයි...ඒත් උඹ ගැන තිබුණ බලාපොරොත්තුව මං අඩු කලේ නෑ..උඹ ආයෙ එයි කියලා හිතුවා..ඒත් උඹ ආවේ නෑ..උඹ සදහටම මගෙන් ඈත් උනා කියලා මට හිතුණේ උඹ කසාදයක් කරගත්ත දවසේ..උඹව අමතක කරන්න මං හැදුවා,කැම්පස් එකේ හොස්ටල් නැවතුනා,උඹව දකින්න මං කැමති උනේ නෑ..උඹ බැන්දෙ අපේම ගෙවල් පැත්තේ කෙල්ලක් කියලා දැනගත්තාම මාව පිච්චුනා අයියෙ...ඒ දවස්වල උඹට වෙඩින් ගන්න සල්ලි නෑ නිකන්ම බදිමු කියපු උඹ හරි ලොකුවට වෙඩින් එක ගත්තා කියලා අරංචි උනා..මගෙ යාලුවො උඹව අමතක කරවන්න හැමවෙලේම හැදුවා..උන් මගෙ හිත හදපු වාර අනන්තයි...ඒත් මං එන හැම නිවාඩුවෙම උඹත් ඇවිත් හිටියා..උඹව දකිනකොට මට මගේ අතීතෙ මතක් උනා...උඹ වගේම කාවහරි මම ලංකරගන්න හිතුවා..ඒත් මට බැරිඋනා..උඹට කරපු ආදරේ මට කරන්න බැරි උනා...එහෙම ගොඩක් දේවල් සිද්ධ උනා...උඹයි මායි මවපු හීන අද උඹ තනියෙන් විදිනවා...අපේ ළමයිට නම් දාපු හැටි උඹට මතකද?අද උඹ තාත්තා කෙනෙක් වෙනවා හෙට අනිද්දාම..මතකයි නම් මං හදපු නම දාපන් උඹේ දරැවට..අද වෙනකොට මං උඹව ගොඩක් අමතක කරලා ඉන්නේ..මම පැරදිලා නෑ...මං ජීවිතේ එක පැත්තක් හරි දිනලා ඉන්නේ...මම ගොඩයනවා කවදාහරි,,අද වෙනකොට උඹ මගෙන් සමාව ඉල්ලනවා,උඹ උඹේ අම්මට වෛර කරනවා.උඹ මට හැමවෙලේම කතාකරනවා..මං කැමති නෑ උඹේ කුඩුව කඩන්න..මොකද මට ගෑනියෙක්ගෙ වේදනාව තේරෙනවා...උඹ දැන් පරක්කුයි..පුලුවන්නම් උඹ උඹේ කුඩුව හරි ලස්සනට හදාගනින්..උඹට වෛර කරන් නෑ,ඒත් මං උඹට කතාකරන් නෑ....උඹව මගෙ පරණ පෙම්වතා වගේ මට දැනෙන්නෙ නෑ..උඹ දැන් වගකීම් සහිත තාත්තෙක්..උඹ ඒක තේරැම් අරන් වැඩකරපන්....උඹ මගෙ හීන වලට අපහාස කලා,හෙලා දැක්කා..ඒත් මං ඒ හීන වලට යනවා කවදාහරි..මං හරි හෙමින් යන්නෙ...මොකද ඉක්මන් කොටයි නිසා....හරියට උඹ එදා ඉක්මනට කසාද බැදලා ඊටත් වඩා ඉක්මනට අද උඹේ ගෑනිටත් හොරෙන් මගෙන් සමාව ඉල්ලනවා වගේ....උඹයි මමයි අවුරැදු ගානක් කරපු ආදරේ මාසයක් අැතුලත උඹ හරි ලස්සනට ප්ලෑන් කරලා වෙඩින් එකකුත් ගත්තා...විශ්වාස කරන්න පුලුවන්ද උඹට අපේ ආදරේ ලගින්වත් ඔය ජීවිතේ තියන්න පුලුවන් කියලා..ඒ කොහොම උනත් හැමදේම දැන් වෙලා ඉවරයි..උඹ සතුටින් ඉදපන්..උඹට කරපු ආදරේ හිතේ කොනක හැංගිලා විතරයි තියෙන්නෙ දැන්....ඒ හීන අවුස්සන්න මං දැන් කැමති නෑ...තරහක් නෑ හිතේ..පුලුවන්තරම් අඩලා මං කදුලු ඉවරකරගත්තා...දැන් දුකක් නෑ..මං හිනාවෙලා ඉන්නෙ....තවදුරටත් මං හිනාවෙනවා.....සත්තයි.......උඹට තෙරැවන් සරණයි......කවදාහරි උඹට වඩා කෙනෙක් මට ආදරය කරාවි..එදාට මගේ මුලු ලොකේම එයා විතරයි...සත්තයි.......
සදගිරි........
Friday, July 29, 2016
යහනට ගියත් ඇය බඩුව
යහනට නොගියත් ඇය බඩුව
බඩුව කරවන උදවිය
හොයන්නෙත් ඇගේ පතිවතයි....
සියදහස් උන් ඇගේ නිරැවත
දකින්නට කෙලහලයි
පෙරලාවි සයනයේ හතර අතටම
පොරකමින්
කවුරැවත් සහේකට නොගන්නා ඇය
හැම එකාටම බඩුවයි.....
සියදහසකගේ නිරැවතක් දැක
ඉල්ලන්නේ කොහොමද
පතිවතක් ඇති ගැහැණියක්......
හරි උජාරැවට කියයි
ඒකි බඩුවක් යැයි
ගල් ගසාපිය ඈට....
නොදනීද නුඹ
අත්පුඩිය තනි අතින්
ගැසිය නොහැකි වග............
සදගිරි.......
Thursday, July 28, 2016
Tuesday, July 26, 2016
ගුරැ සිත නොරිදවා
වේලාව නොවරදවා
බැතිපෙම් උපදවා
අකුරැ උගනිව් කුමරු සොදවා
දිසාපාමොක්ගේ සිත නොරිදවා අතීතයේ පටන් අපට බලකර තිබේ.ගුරැවරයා ශිෂ්‍යයාට වේවැල් පහර ගසන්නේ අනාගතයේ දරැවාගේ ජීවිතයේ විනිවිදභාවය සුරක්ෂිත කිරීමට ය.ශිෂ්‍යයා එය තවත් එක් පලිගැනීමක් ලෙස මවාගන්නා පරිසරයක් තුළ ගුරැ සිසු පරම්පරාවේ අසීමාන්තික බැදීම දෙකඩ කරවන්නට සමත් වේ.ලෝකය බැලීමට ඇස් පාදවන ඇදුරැතුමන්ලා අතරේ ශිෂ්‍යයා කෙරෙහි වෛරී චේතනාවක් සමාජගත කිරීමට උත්සහ දරන ඇදුරැ උදවියද නැතුවා නොවේ.කෙසේවුවද අධ්‍යාපනය දැනුම යනු කිසිවකුටත් සොරාගත නොහැකි එකම දෙයයි.එහෙත් පවතින අධ්‍යාපන කරමයේ අඩුපාඩුවක් ඇති බව ඔබ මම හොදාකාරවම දන්නා නොරහසකි.දැනුම ලබාදීම ගුරැවරයා කරයි.එය පයෝජනයට ගනිමින් පායෝගික අත්හදා බැලීම් ශිෂ්‍යයා කළයුතුය.එහෙත් අධ්‍යාපනයේ පවතින අර්බුද හමුවේ පායෝගිකව ඒ පිළිබදව කටයුතු කිරීමට නොහැකිය.උසස් අධ්‍යාපන ආයතන වල උගන්වන රාමුව අස්සේ න්‍යායාත්මක කරැණු පමණක් ශිෂ්‍යයාට පොවමින් සමාජගත කිරීමට උත්සහ කිරිමේ පතිඵලය වන්නේ රජයේ බදු ගෙවන ජනයාගෙන් ඉගෙනගන්නා විද්‍යාර්ථියා සමාජයට මුදාහල විට මොට පුද්ගලයෙකු බවට අර්ථකතනය වීමයි.එහෙත් ඊට වගකිවයුත්තෝ කවරහුද?ගුරැවරයා ද?ශිෂ්‍යයා ද?උසස් අධ්‍යාපනය ඇතුලේ වැඩවර්ජන කිරීම,නවකවදය තහනම් කිරීමට පියවර ගැනීම,ශිෂ්‍යයන්ට පහර දීම,ගුරැවරැන්ට පහර දීම,වැනි අධ්‍යාපනය සම්බන්ධ ගැටලු පිළිබද සාකච්ඡා කරන උදවිය අධ්‍යාපන කරමය පිළිබදව දිගින් දිගටම සාකච්ඡා නොකරයි.එකී අඩුව පිරවීමට ශිෂ්‍ය බල මණ්ඩල,ආචාර්ය බල මණ්ඩල හෝ නිසි බලධරයෙකු කටයුතු නොකරයි..කතාකිරීමට බොහෝ දේ තිබුණද අධ්‍යාපන කරමයේ අර්බුද තිබියදී සමස්ත සමාජයට පායෝගික තලයේ විද්‍යාර්ථියෙකු බලාපොරොත්තු විය නොහැක.එසේනම් සමාජයේ කිසිවකුට උගත් මෝඩයෙකු යැයි විද්‍යාර්ථියාට ආමන්ත්‍රණය කිරීමද කළ නොහැක..හෙතෙම අධ්‍යාපන කරමය හමුවේ පීඩනයට ලක් වී සමාජය හමුවේ තව තවත් නින්දා අවමන්සහගත තත්වයකට පත්වන්නේද අධ්‍යාපන කරමයේ පවත්නා ඛේදවාචකයන් නිසාවෙනි.තම මුදල් ,ශමය වයස පවා කැපකරමින් උසස් අධ්‍යාපනයේ නියැලෙන ශිෂ්‍යයා අවසානයේ බලාපොරොත්තුවන්නේ තම අධ්‍යාපනයට සරිලන රැකියාවකි..එසේම සමාජය බලාපොරොත්තුවන්නේ ගිරවකු මෙන් කටපාඩම් කිරීමෙන් ලබාගත් දැනුම් සම්භාරයක් නොව හුදු පායෝගික තලයේ දැනුම් මට්ටමකි..එකී අධ්‍යාපන කමවේදය තවත් එක් කමවේදයක් බවට පත් නොකර නිසිපරිදි එය කියාත්මක කිරීමට වගකියයුතු බලධරයන් පායෝගික සැලැස්මක් නිර්මාණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.......
......................සදගිරි..........................
Thursday, July 21, 2016
Subscribe to:
Comments (Atom)




