මේ සංස්කෘතියමද ???
සංස්කෘතිය යන්න විවිධ නිර්වචන පවතී..එය හුදෙක් මෙයම වන්නේ යැයි පැවසිය නොහැකි වුවද භෞතික හා භෞතික නොවන සියලුම දේ සංස්කෘතිය ලෙස සරලවම විග්රහ කළ හැකිය..සංස්කෘතිය තුළ ස්පර්ශනීය මෙන්ම අස්පර්ශනීය උරැමයන් දක්නට ලැබේ.එසේම සංස්කෘතිය මතින් කතා කළ හැකි කාරණාද බොහෝමය..බොහෝමයක් සංස්කෘතිය යන සාධකය වැළදගන්නා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස සංස්කෘතිය රුක ගැනීමට මහත් පරිශ්රයමයක යෙදෙනු හදුනාගත හැකිය..එහෙත් සංස්කෘතිය යන්න රැකිය යුතු දෙයක්ද යන්න ගැටලුවකි..එය රැකීමට නම් හුදෙක් සමාජයට රැගෙන ආ යුතුය.එවිට සමාජයට අවශ්‍ය නම් එය රැකගනු ඇති.විටෙක අප සංස්කෘතිය නමැති රාමුව අතර සිරවී කල්ගෙවීමට උත්සහ දරයි.මන්ද අප සංස්කෘතිය කෙරෙහි බැදී ඇති නිසාවෙනි..එනමුත් සංස්කෘතියට අප බැදී සිටිය යුතුමද?සංස්කෘතිය නමැති රාමුව තුළම පිහිටා අපට කතාකළ හැකි යමක් තිබේද?එම රාමුව තුළම පමණක් හිද අප කතාකරන්නේ නම් සේයා දිව්‍යා වැනි දරැවන් අමු අමුවේ පාපතර කාමුකයන්ගේ ගහණයට හසුවන්නේ නැත.අහිංසක දරැවන් කපා කොටා මරා දමන්නේ නැත.ඒ සංස්කෘතිය නැමඅති සංකල්පය වැළදගෙන සිටි නිසාද?සංස්කෘතිය නමැති සාධකය තුළ සදාචාරය නමැති උප සංස්කෘතිය බිදී යාම නිසා අප ඊට ඇහුම්කන් දීමට පටන් ගනී.එකී පාඩමේ අවසන ඵලය අකීකරැ අමන සිදුවීමක් විය හැකිද?මහා පුරාජේරැවට සංස්කෘතිය රුකිය යුතුයි යන්න පුරසාරම් දොඩවන බවලත් උදවිය සංස්කෘතිය යන්න කුමක් දැයි හරිහැටි වටහාගෙන නැත.ඔවුහු පරපුරෙන් පරපුරට ආවඩන සංස්කෘතිය නමැති මහා ඒකකය ආරක්ෂා කළයුතුය යන්න පමණක් දනී..එහෙත් හුදෙක් එකී සංස්කෘතිය තුළ ගොඩනැගෙන උප කොට්ඨාසයන් වරින් වර දළුලා වැඩෙන බවද ඔවුහු අමතක කරති.සංස්කෘතිය මත සහයෝගය සහජීවනය වැඩෙන බව කතිකා වුවද හුදෙක් සංස්කෘතිය විසින්ම ජාතිවාදී අරගල නිර්මාණය නොකරන්නේද?..පියා විසින් දියණිය අපයෝජනයට ලක් කරන ,මව මරා පුතු කිඹුල් කදුලු හෙලන පුංචි මල් කැකුලු පාපතර දෑගිලි වලට පරබෝධකයක් වන මෙකී සමාජයක සංස්කෘතිය පිළබදව සංවාද කරන්නට හැකිද?සංස්කෘතිය මෙයමැයි වචනයෙන් විග්රහ කිරීම සංකීර්ණ වුවදහුදෙක් සංස්කෘතිය තුළ උපදින උප සංස්කෘතින්වත් ආරක්ෂා කර ගැනීමට උනන්දු විය යුතුය.මන්ද උප සංස්කෘතින් රැකුණොත් මහා සංස්කෘතිය ඉබේ රුකෙනු ඇත.එහෙත් දේශපාලනීකරණය වී ඇති සංස්කෘතිය නමැති මහා සංකල්පය දිවා රෑ නොලබා ආරක්ෂා කිරීමට යත්න දැරීමෙන් ඵලක් වේවිද යන්න පශ්ණාර්ථයකි............
සදගිරි...........................

Godak hodaii
ReplyDeleteතෑන්ක්ස්
DeleteGood idea
ReplyDeleteniyamai
ReplyDelete