Tuesday, July 26, 2016


ගුරැ සිත නොරිදවා
වේලාව නොවරදවා
බැතිපෙම් උපදවා
අකුරැ උගනිව් කුමරු සොදවා
 

දිසාපාමොක්ගේ සිත නොරිදවා අතීතයේ පටන් අපට බලකර තිබේ.ගුරැවරයා ශිෂ්‍යයාට වේවැල් පහර ගසන්නේ අනාගතයේ දරැවාගේ ජීවිතයේ විනිවිදභාවය සුරක්ෂිත කිරීමට ය.ශිෂ්‍යයා එය තවත් එක් පලිගැනීමක් ලෙස මවාගන්නා පරිසරයක් තුළ ගුරැ සිසු පරම්පරාවේ අසීමාන්තික බැදීම දෙකඩ කරවන්නට සමත් වේ.ලෝකය බැලීමට ඇස් පාදවන ඇදුරැතුමන්ලා අතරේ ශිෂ්‍යයා කෙරෙහි වෛරී චේතනාවක් සමාජගත කිරීමට උත්සහ දරන ඇදුරැ උදවියද නැතුවා නොවේ.කෙසේවුවද අධ්‍යාපනය දැනුම යනු කිසිවකුටත් සොරාගත නොහැකි එකම දෙයයි.එහෙත් පවතින අධ්‍යාපන කරමයේ අඩුපාඩුවක් ඇති බව ඔබ මම හොදාකාරවම දන්නා නොරහසකි.දැනුම ලබාදීම ගුරැවරයා කරයි.එය පයෝජනයට ගනිමින් පායෝගික අත්හදා බැලීම් ශිෂ්‍යයා කළයුතුය.එහෙත් අධ්‍යාපනයේ පවතින අර්බුද හමුවේ පායෝගිකව ඒ පිළිබදව කටයුතු කිරීමට නොහැකිය.උසස් අධ්‍යාපන ආයතන වල උගන්වන රාමුව අස්සේ න්‍යායාත්මක කරැණු පමණක් ශිෂ්‍යයාට පොවමින් සමාජගත කිරීමට උත්සහ කිරිමේ පතිඵලය වන්නේ රජයේ බදු ගෙවන ජනයාගෙන් ඉගෙනගන්නා විද්‍යාර්ථියා සමාජයට මුදාහල විට මොට පුද්ගලයෙකු බවට අර්ථකතනය වීමයි.එහෙත් ඊට වගකිවයුත්තෝ කවරහුද?ගුරැවරයා ද?ශිෂ්‍යයා ද?උසස් අධ්‍යාපනය ඇතුලේ වැඩවර්ජන කිරීම,නවකවදය තහනම් කිරීමට පියවර ගැනීම,ශිෂ්‍යයන්ට පහර දීම,ගුරැවරැන්ට පහර දීම,වැනි අධ්‍යාපනය සම්බන්ධ ගැටලු පිළිබද සාකච්ඡා කරන උදවිය අධ්‍යාපන කරමය පිළිබදව දිගින් දිගටම සාකච්ඡා නොකරයි.එකී අඩුව පිරවීමට ශිෂ්‍ය බල මණ්ඩල,ආචාර්ය බල මණ්ඩල හෝ නිසි බලධරයෙකු කටයුතු නොකරයි..කතාකිරීමට බොහෝ දේ තිබුණද අධ්‍යාපන කරමයේ අර්බුද තිබියදී සමස්ත සමාජයට පායෝගික තලයේ විද්‍යාර්ථියෙකු බලාපොරොත්තු විය නොහැක.එසේනම් සමාජයේ කිසිවකුට උගත් මෝඩයෙකු යැයි විද්‍යාර්ථියාට ආමන්ත්‍රණය කිරීමද කළ නොහැක..හෙතෙම අධ්‍යාපන කරමය හමුවේ පීඩනයට ලක් වී සමාජය හමුවේ තව තවත් නින්දා අවමන්සහගත තත්වයකට පත්වන්නේද අධ්‍යාපන කරමයේ පවත්නා ඛේදවාචකයන් නිසාවෙනි.තම මුදල් ,ශමය වයස පවා කැපකරමින් උසස් අධ්‍යාපනයේ නියැලෙන ශිෂ්‍යයා අවසානයේ බලාපොරොත්තුවන්නේ තම අධ්‍යාපනයට සරිලන රැකියාවකි..එසේම සමාජය බලාපොරොත්තුවන්නේ ගිරවකු මෙන් කටපාඩම් කිරීමෙන් ලබාගත් දැනුම් සම්භාරයක් නොව හුදු පායෝගික තලයේ දැනුම් මට්ටමකි..එකී අධ්‍යාපන කමවේදය තවත් එක් කමවේදයක් බවට පත් නොකර නිසිපරිදි එය කියාත්මක කිරීමට වගකියයුතු බලධරයන් පායෝගික සැලැස්මක් නිර්මාණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.......

......................සදගිරි..........................

5 comments: