යහනට ගියත් ඇය බඩුව
යහනට නොගියත් ඇය බඩුව
බඩුව කරවන උදවිය
හොයන්නෙත් ඇගේ පතිවතයි....
සියදහස් උන් ඇගේ නිරැවත
දකින්නට කෙලහලයි
පෙරලාවි සයනයේ හතර අතටම
පොරකමින්
කවුරැවත් සහේකට නොගන්නා ඇය
හැම එකාටම බඩුවයි.....
සියදහසකගේ නිරැවතක් දැක
ඉල්ලන්නේ කොහොමද
පතිවතක් ඇති ගැහැණියක්......
හරි උජාරැවට කියයි
ඒකි බඩුවක් යැයි
ගල් ගසාපිය ඈට....
නොදනීද නුඹ
අත්පුඩිය තනි අතින්
ගැසිය නොහැකි වග............
සදගිරි.......

Touching one
ReplyDeleteHmmm
ReplyDeleteHmmm
ReplyDeleteaniwa
ReplyDelete