සදගිරි........
Saturday, July 30, 2016
අවුරැදු පහක් උඹෙයි මගෙයි ආදර කතාව දිග්ගැස්සුනා..ඒත් ඒ කතාව උඹ හරියටම නැවැත්තුවා,ඒ මීට අවුරැදු තුනකට කලින්...මතක්කරපන් ඒ අපේ ආදර කතාව..මම එතකොට ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ..උඹ මගේ පුංචි කාලේ ඉදන්ම යාලුවා,උඹට වඩා උඹේ මල්ලි මට ගොඩක් එකතුයි.කරදඩු උස්මහත් වෙලා උඹ ලොකු කොල්ලෙක් වෙලා උඹේ ආදරේ මට දෙන්න හදනකොට ගෙදරින් අහපන් කියලා මම උඹට කිව්වා මතකද?උඹ බය නැතුව පපුව ඉස්සරහට දාලා ගෙදරින් ඇවිත් ඇහුවා.මට ආඩම්බරයි උඹ ගැන..එදා ගෙවල් දෙකෙන්ම අපිට කැමති උනා..උඹයි මමයි හැංගිලා ආදරේ කළේ නෑ.ලෝකෙම අපේ ආදරේ දැනගෙන හිටියා..ඉස්සර ඉස්කෝලේ ඇරිලා උඹ මාව එක්කන් යන්න ෆුට් සයිකලේ එනවා මට මතකයි.උඹ මං ගැන ගොඩක් හෙව්වා,ගොඩක් ආදරේ කලා..දවසක් උඹ වැඩට යන්න ගෙදරින් ඇවිත් මට හතිය හැදිලා හොදටම අමාරැයි කියලා දැනගෙන උදේ ඉදන් හවස් වෙනකන් මගෙ ඇද ළගට වෙලා මං දිහා බලාගෙනම හිටියා මට මතකයි..කාලෙකට පස්සේ උඹ හමුදාවට ගියා..එදා මතකද උඹට මං අඩපු තරම්..උඹෙන් කෝල් එකක් එනකන් නොකා නොබී මම හිටියා..එතකොටයි තේරැනේ මං උඹට ආදරේ කරලා තියෙන තරම්..උඹගෙ පාස් අවුට් දවසෙ මට මාර සතුටුයි..මොකද උඹව ගෙදර අරන් යන්න පුලුවන් නිසා..ඔහොම මාසයක් ගානේ උඹ යනවා එනවා...හරි ලස්සනට අපේ ජිවිතේ ගෙවෙනකොට මං ටෙ වෙලාවකට දඩබ්බර චරිතයක් උනා..ඒත් උඹට ඇති ආදරේ අඩුවක් කලේ නෑ..උඹට ආමි එකේ ඉන්නකොට මාව පෙනුනේ නෑ..උඹට සැකයක් ඇතිවෙන්න ඇති..මං දන්නවා එහෙම වෙනවා..උඹ මට නීති දැම්මා අපි රණ්ඩු උනා..හැබැයි දවසක් යන්න කලින් අපි යාලු උනා..මං එකට එක කියද්දි උඹ මට නහයෙන් කටින් ලේ එන්න ගහලා තියනවා..අතපය ඉදිමෙන්න ගහලා තියනවා..ඒත් මං උඹට ආදරේ කලා...දාලා යන්න තරම් මට හිතිලා තියෙනවා..ඒත් උඹ නැතුව මං ඉන්නෙ කොහොමද?උඹේ ගෙදර මං එනකොට අපේ ගෙදරින් මට බැන්නා...බදින්න කලින් යන්නෙපා කියලා..උඹ බැන්නා මට අනාගතේ යන්න ඉන්න ගෙදරට යන්නෙ නෑ කියලා.දෙපැත්තෙන්ම බැනුම් අහගෙන මං උඹලගෙ ගෙදර ගියා.ම්දුලේ මල් හිටෙව්වා,අපේ අලුත් ගෙදර අතුගෑවා,උඹලගෙ තාත්තා නැතිවෙලා දනේ තිබුණ දවසෙ උයපු හැම වළදක්ම මම තනියම හේදුවා මතකයි..උඹේ අම්මාගෙ ඇහේ කාච දාන්න ඉස්පිරිතාල ගානේ ලග නැවතිලා හිටියා මතකි..උඹේ අම්මා අරක ගෙනේ මේක ගෙනෙන් කියද්දි කොහේ හිටියත් ඇවිත් හැමදේම කරලා දීපු වාර මට අමතක නෑ...උඹ නැති දවස්වල අම්මා අසනීපෙන් ගෙදර තනියම ඉන්නකොට රෑ තිස්සෙ තනි රැක්කා මතකයි මට..බැදලා නැතත් උඹට තියෙන ආදරේට මං එහෙම කලේ..විභාගෙ ලියලා කැම්පස් ආවාම උඹලගෙ අම්මා මට යන්නෙපා කියද්දි,උඹට ඕන ජොබ් නොකර ගෙදරට වෙලා ඉන්න කෙල්ලෙක් කියලා කියද්දී,ඉක්මනට බදින්න ඕන කියද්දි මට ඒවට එකගවෙන්න බැරි උනේ මට උගන්නපු අයියට මං කැම්පස් යනවා දකින්න ඕන උන නිසා..මං හිතුවේ උඹ ඉවසයි කියලා මට 24 වෙනකන්...ඒත් උඹයි උඹේ අම්මයි ඉවසුවේ නෑ...උඹලට මගෙ ඉගෙනීම ඇල්ලුවේ නෑ,මගෙ දගකාරකම් ඇල්ලුවේ නෑ,අන්තිමට උඹ මගෙන් වෙන් වෙන්න තීරණයක් ගත්තා..ඒත් ඒ උඹේ අම්මට පිටුපාන්න බැරි නිසා කියලා මං දන්නවා..උඹේ අම්මට ඕන උනේ ලේලියක් අම්මගෙ පදයට නටන...උඹේ අම්මා ගුරැවරියක් වෙලත් මම ඉගෙනගන්නවට කැමත් උනේ නෑ.කොටින්ම උඹෙ අම්මට ඕන උනේ කුස්සි අම්මා කෙනෙක්..උඹ මාව දාලා ගිය දවසේ ඉදන් මං විදපු වේදනාව මං විතරයි දන්නේ..උඹට කොල් කලා,ලියුම් ලිව්වා,ඒත් අද වෙනකම් උඹට ඒ කිසිම ලියුමක් ලැබිලා නැතුව ඇති..උඹේ අම්මට මං වෛර කරන්නෑ,මොකද අම්මා කෙනෙක් නිසා..ඒත් උඹේ අම්මත් ගෑනියක්,තවත් ගෑනියෙක්ගෙ දුක නොතේරැන ගෑනියක්...උඹ මගෙන් අයින් උනාම උඹලා ඔක්කොම එකතුවෙලා මට විවිධ දේ කිව්වා...මං අහගෙන හිටියා විතරයි..මට අපහාස කලා..මං විදගෙන හිටියා විතරයි...මං උඹලට මොකුත්ම කිව්වෙ නෑ.අවුරුදු පහක් ආ ගිය ගෙදර දොරවල් වැහුවා මට මතකයි..අපි හදාගත්ත හීන එකපාරටම බොදකරපු හැටි මට මතකයි...ඒත් උඹ ගැන තිබුණ බලාපොරොත්තුව මං අඩු කලේ නෑ..උඹ ආයෙ එයි කියලා හිතුවා..ඒත් උඹ ආවේ නෑ..උඹ සදහටම මගෙන් ඈත් උනා කියලා මට හිතුණේ උඹ කසාදයක් කරගත්ත දවසේ..උඹව අමතක කරන්න මං හැදුවා,කැම්පස් එකේ හොස්ටල් නැවතුනා,උඹව දකින්න මං කැමති උනේ නෑ..උඹ බැන්දෙ අපේම ගෙවල් පැත්තේ කෙල්ලක් කියලා දැනගත්තාම මාව පිච්චුනා අයියෙ...ඒ දවස්වල උඹට වෙඩින් ගන්න සල්ලි නෑ නිකන්ම බදිමු කියපු උඹ හරි ලොකුවට වෙඩින් එක ගත්තා කියලා අරංචි උනා..මගෙ යාලුවො උඹව අමතක කරවන්න හැමවෙලේම හැදුවා..උන් මගෙ හිත හදපු වාර අනන්තයි...ඒත් මං එන හැම නිවාඩුවෙම උඹත් ඇවිත් හිටියා..උඹව දකිනකොට මට මගේ අතීතෙ මතක් උනා...උඹ වගේම කාවහරි මම ලංකරගන්න හිතුවා..ඒත් මට බැරිඋනා..උඹට කරපු ආදරේ මට කරන්න බැරි උනා...එහෙම ගොඩක් දේවල් සිද්ධ උනා...උඹයි මායි මවපු හීන අද උඹ තනියෙන් විදිනවා...අපේ ළමයිට නම් දාපු හැටි උඹට මතකද?අද උඹ තාත්තා කෙනෙක් වෙනවා හෙට අනිද්දාම..මතකයි නම් මං හදපු නම දාපන් උඹේ දරැවට..අද වෙනකොට මං උඹව ගොඩක් අමතක කරලා ඉන්නේ..මම පැරදිලා නෑ...මං ජීවිතේ එක පැත්තක් හරි දිනලා ඉන්නේ...මම ගොඩයනවා කවදාහරි,,අද වෙනකොට උඹ මගෙන් සමාව ඉල්ලනවා,උඹ උඹේ අම්මට වෛර කරනවා.උඹ මට හැමවෙලේම කතාකරනවා..මං කැමති නෑ උඹේ කුඩුව කඩන්න..මොකද මට ගෑනියෙක්ගෙ වේදනාව තේරෙනවා...උඹ දැන් පරක්කුයි..පුලුවන්නම් උඹ උඹේ කුඩුව හරි ලස්සනට හදාගනින්..උඹට වෛර කරන් නෑ,ඒත් මං උඹට කතාකරන් නෑ....උඹව මගෙ පරණ පෙම්වතා වගේ මට දැනෙන්නෙ නෑ..උඹ දැන් වගකීම් සහිත තාත්තෙක්..උඹ ඒක තේරැම් අරන් වැඩකරපන්....උඹ මගෙ හීන වලට අපහාස කලා,හෙලා දැක්කා..ඒත් මං ඒ හීන වලට යනවා කවදාහරි..මං හරි හෙමින් යන්නෙ...මොකද ඉක්මන් කොටයි නිසා....හරියට උඹ එදා ඉක්මනට කසාද බැදලා ඊටත් වඩා ඉක්මනට අද උඹේ ගෑනිටත් හොරෙන් මගෙන් සමාව ඉල්ලනවා වගේ....උඹයි මමයි අවුරැදු ගානක් කරපු ආදරේ මාසයක් අැතුලත උඹ හරි ලස්සනට ප්ලෑන් කරලා වෙඩින් එකකුත් ගත්තා...විශ්වාස කරන්න පුලුවන්ද උඹට අපේ ආදරේ ලගින්වත් ඔය ජීවිතේ තියන්න පුලුවන් කියලා..ඒ කොහොම උනත් හැමදේම දැන් වෙලා ඉවරයි..උඹ සතුටින් ඉදපන්..උඹට කරපු ආදරේ හිතේ කොනක හැංගිලා විතරයි තියෙන්නෙ දැන්....ඒ හීන අවුස්සන්න මං දැන් කැමති නෑ...තරහක් නෑ හිතේ..පුලුවන්තරම් අඩලා මං කදුලු ඉවරකරගත්තා...දැන් දුකක් නෑ..මං හිනාවෙලා ඉන්නෙ....තවදුරටත් මං හිනාවෙනවා.....සත්තයි.......උඹට තෙරැවන් සරණයි......කවදාහරි උඹට වඩා කෙනෙක් මට ආදරය කරාවි..එදාට මගේ මුලු ලොකේම එයා විතරයි...සත්තයි.......
Subscribe to:
Post Comments (Atom)

hithata danuna kathavak.
ReplyDeletehithata danuna kathavak.
ReplyDeleteAththatama hithata danenawa
ReplyDeleteharima lassanai.
ReplyDeleteසත්‍ය කාවක් ඇසුරින් ලියන ලද්දකි
ReplyDeleteමේ කතාව අකුරක් නෑර මම දන්නවා අක්කෙ....ඒත් මිනිස්සුන්ට මේක තවත් එක ආදර කතාවක් විතරයි කියලා අමතක කරන්න එපා අක්කෙ.....
Deleteමේ කතාව අකුරක් නෑර මම දන්නවා අක්කෙ....ඒත් මිනිස්සුන්ට මේක තවත් එක ආදර කතාවක් විතරයි කියලා අමතක කරන්න එපා අක්කෙ.....
DeleteOw mekth ekthra adara kthvk.....hrima boladai
DeleteOw mekth ekthra adara kthvk.....hrima boladai
Deleteසත්‍ය කාවක් ඇසුරින් ලියන ලද්දකි
ReplyDeleteආදරේ කියන්නෙ මහ පුදුම දෙයක්. නිර්වචනයක් දෙන්න අමාරු දෙයක්. ආදරේ නිසා දුක් විදින අය මේ ලෝකෙ ඔිනි තරම් ඉන්නවා. සමහරු දුක් විදින්නෙ පසු තැවි තැවි. ඒ ආදරේට බොරු කරපු අය. ඒ අයගෙ දුක සදාකාලිකයි. ඒත් අවංකව ආදරේ කරපු අය හැමදාම විදවන් නෑ. මොකද ආදරේ සදහටම අහිමි වුනත් හැමදාමත් අවංකව ආදරේ කළා කියලා සතුටු වෙන්න පුළුවන්. එක පාරක් වැරදුනාට හැමදාම වරදින්නෙ නෑ..අවංකකම හැමදාමත් දිනනවා.
ReplyDeleteI love this story.plz write a novel regarding this.
ReplyDeleteGud one
ReplyDeletetnx
Deletetnx
Deletekathawe katha naikawa sathutuwenna one ayata nathi wune aththtama adaraya nokala pirimiyek. aththatama adaraya karana pirimiya thawama katha naikawa hoyamin innawa
ReplyDeleteathi.awadiyen inna